පොලිසියට පැමිණිල්ලක් යොමු කරලීමේදී ඊමේල් සහ වට්ස්ඇප් මගින් යොමු කිරීමට හැකි වන ලෙස නීති සම්පාදනය කළ යුතු බවට යෝජනාවක් නීතිඥ දර්ශන කුරුප්පු මහතා විසින් සිදු කොට තිබෙනවා.
https://youtu.be/4qesQ9iXvcM?t=5499
මීටම අදාළ මගේ අත්දැකීමකුත් සඳහන් කරන්න කැමතියි. වර්තමානයේ පොලිස් වෙබ් අඩවියට පිවිස අන්තර්ජාලය හරහා පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ක්‍රමයට සම්පූර්ණ පැමිණිල්ලක්ම ඉදිරිපත් කළත් පොලිසිය ඒ පැමිණිල්ල නැවත වතාවක් සම්පූර්ණයෙන්ම පැමිණිලි පොතේ අත් අකුරෙන් ලියනවා. අඩු තරමේ අන්තර්ජාලය හරහා යොමු කළ පැමිණිල්ලේ පිටපතක් ගෙන පොලිස් පැමිණිලි පොතේ ඇලවීම වත් කරනවා නම් කාලය ඉතිරිකර ගන්න පුළුවන්.