පොලිස් පැමිණිලි ඊමේල් සහ වට්ස්ඇප් මගින් කිරීමට හැකියාවක් සැකසීම

අධිකරණ කටයුතු සහ නීතිය කෙසේ වෙනස් විය යුතු ද?
Post Reply
kamal
Posts: 6
Joined: Thu Dec 18, 2025 3:39 pm

පොලිස් පැමිණිලි ඊමේල් සහ වට්ස්ඇප් මගින් කිරීමට හැකියාවක් සැකසීම

Post by kamal »

පොලිසියට පැමිණිල්ලක් යොමු කරලීමේදී ඊමේල් සහ වට්ස්ඇප් මගින් යොමු කිරීමට හැකි වන ලෙස නීති සම්පාදනය කළ යුතු බවට යෝජනාවක් නීතිඥ දර්ශන කුරුප්පු මහතා විසින් සිදු කොට තිබෙනවා.

https://youtu.be/4qesQ9iXvcM?t=5499

මීටම අදාළ මගේ අත්දැකීමකුත් සඳහන් කරන්න කැමතියි. වර්තමානයේ පොලිස් වෙබ් අඩවියට පිවිස අන්තර්ජාලය හරහා පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ක්‍රමයට සම්පූර්ණ පැමිණිල්ලක්ම ඉදිරිපත් කළත් පොලිසිය ඒ පැමිණිල්ල නැවත වතාවක් සම්පූර්ණයෙන්ම පැමිණිලි පොතේ අත් අකුරෙන් ලියනවා. අඩු තරමේ අන්තර්ජාලය හරහා යොමු කළ පැමිණිල්ලේ පිටපතක් ගෙන පොලිස් පැමිණිලි පොතේ ඇලවීම වත් කරනවා නම් කාලය ඉතිරිකර ගන්න පුළුවන්.
Post Reply