අධිකරණ තුළ රාජ්‍ය ලාංඡනය අගෞරවනීය ලෙස ස්ථාපනය කොට තිබීම

අධිකරණ කටයුතු සහ ඊට අදාළ නීති කෙසේ විය යුතු ද?
Post Reply
kamal
Posts: 16
Joined: Thu Dec 18, 2025 3:39 pm

අධිකරණ තුළ රාජ්‍ය ලාංඡනය අගෞරවනීය ලෙස ස්ථාපනය කොට තිබීම

Post by kamal »

අධිකරණ තුළ රාජ්‍ය ලාංඡනය අගෞරවනීය ලෙස ස්ථාපනය කොට තිබීම පිළිබඳ ලිපියක් මම ගරු අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමු කළා.

රාජ්‍ය ආයතනයක ප්‍රධාන නිලධාරියාගේ පුටුවට පිටුපසින් බිත්තියේ ඉහළ රාජ්‍ය ලාංඡනය ස්ථාපිත කිරීම සම්මතයක් ලෙස කෙරෙන බවකුත් පෙනෙන්න තියෙනවා. ඒත් එහි දෝෂ සහිත බවක් මම දකිනවා. ලංකාවේ රාජ්‍ය ලාංඡනයෙහි උඩින්ම ධර්ම චක්‍රය පිහිටා තිබීම හේතුවෙන් ඊට පිටුපා අඩු තරමින් ප්‍රධාන නිලධාරියා වත් නොසිටිය යුතු යැයි මම හිතනවා.

විස්තර එම ලිපියේ ඇති බැවින් එම විස්තර මම මෙතැන නැවත ලියන්නේ නෑ.

සබැඳිය: ලිපියේ පිටපත
Post Reply