Page 1 of 1

භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම

Posted: Wed Jan 14, 2026 2:19 pm
by kamal
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ඒ යටතේ පාලනය වන සියලු රාජ්‍ය ආයතනවල වැටුප් ලබමින් රැකියා කරන භික්ෂූන් වහන්සේලාගේ වැටුප් ගෙවීම ස්ථිරව නවතාලීමට කටයුතු කරන මෙන් ඉල්ලීමක් මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත අද දින ඉදිරිපත් කළා.

අදාළ ඉල්ලීමේ පිටපතකට සබැඳිය: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස ඉල්ලීම

Re: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම

Posted: Fri Jan 16, 2026 10:28 am
by kamal
ලිපිය ඊමේල් මගින් 2026-01-14 දින යැවීම කළේ මෙසේයි:
Subject: Request to UGC: Prevent the payment of salaries to bhikkhus
From: Trekmentor <info@trekmentor.com>
Date: 1/14/26, 2:10 PM
To: secretary@ugc.ac.lk

Dear Dr. Priyantha Premakumara,

Please forward the attached request letter to the Commission.

To make sure the receipt, please confirm the receipt of this email by reply email.

Thank you.

Kamal Wickramanayake
අතිරේක වශයෙන් එදිනම ලේකම් තුමාගේ 011 2694093 දුරකථන අංකයට ඇමතුමක් ගෙන ඊමේල් ලිපිය ලැබුණු බවට තහවුරු කරන මෙන් ද ඉල්ලා සිටියා. ඊමේල් පණිවිඩය Spam/Junk ලෙස වර්ගීකරණය වී ඇත්දැයි පරික්ෂා කර බලන ලෙස ද ඉල්ලා සිටියා.

ඊමේල් ලිපිය ලද බවට තහවුරු කිරීමක් නොලද බැවින් අද දින (2016-01-16) උදෑසන ලියාපදිංචි තැපෑලෙන් ලිපිය ලේකම් තුමාට යවනු ලැබුවා.

Re: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම

Posted: Thu Feb 19, 2026 11:28 am
by kamal
අද දින (2026-02-19) තොරතුරු දැනගැනීමේ පනත යටතේ මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම් සභාව වෙත ඊමේල් පණිවිඩයකින් ඉල්ලීමක් ඉදිරිපත් කළා. ඉන් ඉල්ලා සිටියේ මම පෙර යැවූ ඊමේල් ලිපිය සහ ලියාපදිංචි තැපැල් ලිපිය ලේකම් තුමාට හමුවූවා දැයි තහවුරු කරන ලෙසයි.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ එම ඉල්ලීම ලැබුණු බව මා වෙත තහවුරු කිරීමේ ඊමේල් ලිපියක් ලැබුණා. මගේ ඉල්ලීමට ලබා දී ඇති අංකය වන්නේ RTI/2026/037. යථා කාලයේ දී මා ඉල්ලා ඇති තොරතුරු මා වෙත ලබා දෙනු ඇතැයි එහි සඳහන්ව තිබෙනවා.

Re: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම

Posted: Tue Mar 10, 2026 11:23 am
by kamal
තොරතුරු දැනගැනීමේ පනත යටතේ 2026-02-19 දින ඉල්ලා සිටි තොරතුරු මේ වන තෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබා නොදීම හේතුවෙන් ඊට අදාළ අභියාචනයක් (RTI-10 පෝරමයට අදාළව) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නම් කළ නිලධාරියා (Designated Officer) වන එහි ලේකම් ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා වෙත ලියාපදිංචි තැපෑලෙන් අද දින (2026-03-10) යවනු ලැබුවා.

අභියාචනා කිරීමට පදනම ලෙස ඉදිරිපත් කළ හේතුව වන්නේ තොරතුරු දැනගැනීමේ පනත මගින් නිශ්චිතව දක්වා ඇති කාල සීමාව තුළ ඉල්ලා සිටි තොරතුරු ලබා නොදීමයි.

අද දින යවන ලද එම ලිපිය සමඟ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යවන ලද ආරම්භක ලිපියේ පිටපතක් ද අමුණා යැවුවා. පෙර නොලැබුණි නම් එම ඇමුණුම් ලිපිය සම්බන්ධව කටයුතු කරන ලෙසත් කඩිනමින් ඊට ප්‍රතිචාර දක්වන ලෙසත් අභියාචනයේ වෙනත් කරුණු යටතේ සඳහන් කරමිනුයි අභියාචනය ඉදිරිපත් කරනු ලැබුවේ.

Re: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම

Posted: Mon Mar 23, 2026 9:09 pm
by kamal
RTI/2026/037 ඉල්ලීමට ප්‍රතිචාර අද දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් එවා තිබුණා. ඒ අනුව 2026-01-14 දින යැවූ විද්‍යුත් තැපැල් ලිපිය සහ 2026-01-16 දින යැවූ ලියාපදිංචි ලිපිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී තිබෙනවා.

පහත දැක්වෙන සබැඳියෙන් ප්‍රධාන වෙබ් අඩවියේ මෙම කරුණට අදාළ පිටුවට පිවිස RTI/2026/037 ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාර ලිපියේ පිටපතක් ලබා ගත හැකියි:

"භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම"