නඩුවල සහතික පිටපත් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ලබා ගැනීමට ක්‍රමයක් ස්ථාපිත කිරීම
Posted: Sat Dec 20, 2025 7:23 am
නඩුවකට අදාළ යම් සහතික පිටපතක් ලබා ගැනීමට කටයුතු කිරීමේදී වර්තමානයේදී පහත දැක්වෙන ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා:
- සහතික පිටපතක් ලබා ගැනීමට අධිකරණයට කිහිප විටක් යෑමට සිදුවීම දුරබැහැර අයට කාලය සහ මුදල් බෙහෙවින්ම වැයවන සහ සමහරවිට දුෂ්කර ක්‍රියාවක් වීම.
- මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කළ විට සමහර නඩුවලට අදාළව සහතික පිටපත් ලබා ගැනීමේදී විනිසුරු තුමාගේ අවසරය ලැබෙන තෙක් මුදල් ගෙවීමට නොහැකි වීම නිසා නැවත දිනක අධිකරණයට යෑමට සිදුවීම.
- සහතික පිටපත සඳහා ගෙවිය යුතු මුදල නිර්ණය කිරීමට නඩු ගොනුව සොයාගැනීමට කාර්ය බහුළ අවස්ථාවලදී පැය ගණන් ගතවීම.
- සාක්ෂි සටහන් පිටපත් ලබාගැනීමට යෑමේදී මෝෂන් පත්‍රය ඉදිරිපත් කරන අවස්ථාව වන විට සාක්ෂි සටහන් සකසා නඩු ගොනුවට අමුණා නොතිබුණොත් මුදල් ගෙවීම පිණිස නැවත දිනක අධිකරණයට යෑමට සිදුවීම.
- පිටු ගණන් කර සහතික පිටපත සඳහා ගෙවිය යුතු මුදල නිර්ණය කිරීමට කාර්ය බහුළ අවස්ථාවල පැය ගණන් ගතවීම.
- ගෙවීම කිරීමට සමහර අවස්ථාවලදී දිගු පෝලිමක ඉන්න සිදුවීම.
- සහතික පිටපත ලබාදීමට නියමිත දින එය සකසා අවසන් කර නොතිබීම නිසා නැවත දිනක අධිකරණයට යෑමට සිදුවීම.
- සහතික පිටපත සඳහා ඉල්ලීම කිරීම මාර්ගගත ක්‍රමයකට සිදුකිරීම.
- ඉල්ලීම පිළිගත් විට මාර්ගගත ක්‍රමයටම මුදල් ගෙවීමට හැකි වීම.
- අවශ්‍ය නම් තැපැල් මාර්ගයෙන් සහතික පිටපත ගෙන්වා ගැනීමට පහසුකමක් පැවතීම.
- ඉල්ලීම කළ අවස්ථාවේ සිට සහතික පිටපත ලබා ගැනීම දක්වා එහි තත්වය දැක ගැනීමට හැකිවීම (Viewing status).
- ඉල්ලීමේ තත්වයේ වෙනස්වීම් සිදුවන විට ඊමේල් මාර්ගයෙන් සහ/හෝ දුරකථන කෙටි පණිවිඩ මගින් ඒ පිළිබඳ දැනගැනීමට හැකියාවක් පැවතීම (Receiving update notifications).