අධිකරණ කටයුතු සහ ඊට අදාළ නීති කෙසේ විය යුතු ද?
-
kamal
- Posts: 15
- Joined: Thu Dec 18, 2025 3:39 pm
Post
by kamal »
නඩුවකට අදාළ යම් සහතික පිටපතක් ලබා ගැනීමට කටයුතු කිරීමේදී වර්තමානයේදී පහත දැක්වෙන ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා:
- සහතික පිටපතක් ලබා ගැනීමට අධිකරණයට කිහිප විටක් යෑමට සිදුවීම දුරබැහැර අයට කාලය සහ මුදල් බෙහෙවින්ම වැයවන සහ සමහරවිට දුෂ්කර ක්‍රියාවක් වීම.
- මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කළ විට සමහර නඩුවලට අදාළව සහතික පිටපත් ලබා ගැනීමේදී විනිසුරු තුමාගේ අවසරය ලැබෙන තෙක් මුදල් ගෙවීමට නොහැකි වීම නිසා නැවත දිනක අධිකරණයට යෑමට සිදුවීම.
- සහතික පිටපත සඳහා ගෙවිය යුතු මුදල නිර්ණය කිරීමට නඩු ගොනුව සොයාගැනීමට කාර්ය බහුළ අවස්ථාවලදී පැය ගණන් ගතවීම.
- සාක්ෂි සටහන් පිටපත් ලබාගැනීමට යෑමේදී මෝෂන් පත්‍රය ඉදිරිපත් කරන අවස්ථාව වන විට සාක්ෂි සටහන් සකසා නඩු ගොනුවට අමුණා නොතිබුණොත් මුදල් ගෙවීම පිණිස නැවත දිනක අධිකරණයට යෑමට සිදුවීම.
- පිටු ගණන් කර සහතික පිටපත සඳහා ගෙවිය යුතු මුදල නිර්ණය කිරීමට කාර්ය බහුළ අවස්ථාවල පැය ගණන් ගතවීම.
- ගෙවීම කිරීමට සමහර අවස්ථාවලදී දිගු පෝලිමක ඉන්න සිදුවීම.
- සහතික පිටපත ලබාදීමට නියමිත දින එය සකසා අවසන් කර නොතිබීම නිසා නැවත දිනක අධිකරණයට යෑමට සිදුවීම.
මාර්ගගත ක්‍රමයකට සහතික පිටපත් ලබා ගැනීමට හැකි නම් මේ ගැටලු බොහොමයක් මගහරවා ගන්න පුළුවන්. මාර්ගගත ක්‍රමයේ පහත දැක්වෙන පහසුකම් පැවතීම නීතිඥයින්ට සහ නඩුවේ පාර්ෂවකරුවන්ට ප්‍රයෝජනවත්:
- සහතික පිටපත සඳහා ඉල්ලීම කිරීම මාර්ගගත ක්‍රමයකට සිදුකිරීම.
- ඉල්ලීම පිළිගත් විට මාර්ගගත ක්‍රමයටම මුදල් ගෙවීමට හැකි වීම.
- අවශ්‍ය නම් තැපැල් මාර්ගයෙන් සහතික පිටපත ගෙන්වා ගැනීමට පහසුකමක් පැවතීම.
- ඉල්ලීම කළ අවස්ථාවේ සිට සහතික පිටපත ලබා ගැනීම දක්වා එහි තත්වය දැක ගැනීමට හැකිවීම (Viewing status).
- ඉල්ලීමේ තත්වයේ වෙනස්වීම් සිදුවන විට ඊමේල් මාර්ගයෙන් සහ/හෝ දුරකථන කෙටි පණිවිඩ මගින් ඒ පිළිබඳ දැනගැනීමට හැකියාවක් පැවතීම (Receiving update notifications).