මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ මම.
මම බුදු දහම, රාජ්‍ය පාලනය සහ ලෝක සාමය පිළිබඳව උනන්දුවක් දක්වනවා.
බුදු දහම ප්‍රචාරය කිරීම පිණිස Trekmentor යන නමින් වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ මම. තවත් වෙබ් අඩවි කිහිපයක්ම මම ඒ වෙනුවෙන් පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම බුද දහමට අදාළව මම ලියා ඇති ලිපි සමහරක් වෙත මෙම සබැඳියෙන් යොමුවන්න පුළුවන්: https://www.trekmentor.com/si/enlighten . සමහර භික්ෂූන් වහන්සේලාට දැඩිව දොස් කීම නිසා සමහරු මා සමඟ අමනාපයි.
අධ්‍යාපනය අතින් ගත්තොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ලැබූ පළමු පෙළ ගෞරව උපාධියක් මට තිබෙනවා. මම එම උපාධිය ලබා ගත්තේ 2001 වසරේ අවසාන කාලයේදියි. වෘත්තීමය වශයෙන් ගත්තොත් මගේ අත්දැකීම් බහුළ වන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳවයි. මා පිළිබඳ එබඳු තොරතුරු මෙම සබැඳියෙන් යොමුවන පිටුවේ දැක්වෙනවා: https://www.software.lk/en/people/kamal
රටක් පාලනය කෙරෙන ආකාරය ඒ රටේ වැසියන්ගේ දියුණුව කෙරෙහි දැඩිව බලපානවා. මේ වෙබ් අඩවිය තුළින් ලංකාවේ සංවර්ධනයක් ඇතිකරලීමයි මගේ බලාපොරොත්තුව.