වර්තමානයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම කළ හැක්කේ කොළඹ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණයි. කොළඹින් දුර බැහැර පෙදෙස්වල ජීවත්වන අයට කොළඹ පැමිණ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම අපහසු කාරණයක්. මේ නිසා පලාත්බද මහාධිකරණවල මූලික අයිතිවාසිකම් නඩු පැවරීම කළ හැකි නම් එය බොහෝ දෙනෙකුට පහසුවක් විය හැකියි.
මට මතක ඇති පමණින් මේ අදහස පළ කර තිබුණේ නීතිඥ දර්ශන කුරුප්පු මහතා විසින් "Basics of Law: Right to a Fair Trial" වීඩියෝවේ දැක්වෙන සාකච්ඡාවේදියි.
මූලික අයිතිවාසිකම් නඩු මහාධිකරණවල පැවරීම
Re: මූලික අයිතිවාසිකම් නඩු මහාධිකරණවල පැවරීම
නීතිඥ දර්ශන කුරුප්පු මහතා විසින් එම කාරණාව එම වීඩියෝවේ කාලය 00:50:07 පමණ ඉදිරියට පවසන අයුරු දකින්න පුළුවන්.
https://youtu.be/4qesQ9iXvcM?t=3007
https://youtu.be/4qesQ9iXvcM?t=3007
Re: මූලික අයිතිවාසිකම් නඩු මහාධිකරණවල පැවරීම
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනතේ මෙසේ සඳහන්ව පවතිනවා:
මේ අනුව අදාළ පනත යටතේ එන මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් මහාධිකරණවල නඩු පැවරීමේ හැකියාවක් වර්තමානයේත් පවතිනවා. හැබැයි සෑම මූලික අයිතිවාසිකමක්ම සම්බන්ධව එසේ කිරීමට හැකියාවක් වර්තමානයේ ඇත්තේ නැහැ.7. (1) මේ පනතේ 2, 4, 5 සහ 6 වන වගන්ති යටතේ යම් තැනැත්තෙකුට හිමි මානව අයිතිවාසිකම්, විධායක ක්‍රියාවක් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩකිරීමක් හෝ කඩකිරීමට අත්‍යාසන්නවීමට එරෙහිව යම් තැනැත්තකුට, මහාධිකරණය වෙත අමතනු ලබන පෙත්සමක් මාර්ගයෙන් ඉල්ලුම් කිරීමේ අයිතිය ඇති අතර, එම පෙත්සමේ අයැද ඇති පරිදි යම් සහනයක් හෝ පිහිටක් අයැද සිටීමේ අයිතිය ද ඔහු සතුව ඇත.