Page 1 of 1

මූලික අයිතිවාසිකම් නඩු මහාධිකරණවල පැවරීම

Posted: Thu Dec 18, 2025 9:37 pm
by kamal
වර්තමානයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම කළ හැක්කේ කොළඹ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණයි. කොළඹින් දුර බැහැර පෙදෙස්වල ජීවත්වන අයට කොළඹ පැමිණ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම අපහසු කාරණයක්. මේ නිසා පලාත්බද මහාධිකරණවල මූලික අයිතිවාසිකම් නඩු පැවරීම කළ හැකි නම් එය බොහෝ දෙනෙකුට පහසුවක් විය හැකියි.

මට මතක ඇති පමණින් මේ අදහස පළ කර තිබුණේ නීතිඥ දර්ශන කුරුප්පු මහතා විසින් "Basics of Law: Right to a Fair Trial" වීඩියෝවේ දැක්වෙන සාකච්ඡාවේදියි.