ඒකපුද්ගල සහ හවුල් ව්‍යාපාර ලියාපදිංචිය පහසු කිරීම
Posted: Sat Dec 20, 2025 11:32 am
ඒකපුද්ගල සහ හවුල් ව්‍යාපාර ලියාපදිචි කිරීමට යෑමේදී ව්‍යාපාර කරගෙන යෑමට බලාපොරොත්තු වන සමහරු මුහුණ දෙන ගැටලුවක් වන්නේ ලියාපදිංචියේදී සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා පහසුවෙන් කර ගැනීමට නොහැකිවීම. ඒ සමහරක් අවශ්‍යතා නම්:
තවද ලංකාවේ නිවෙස්වල සිට අන්තර්ජාලය හරහා සේවා සපයන පුද්ගලයින් බොහෝ ඉන්නවා. සමහරු ඉන්නේ කුලී නිවාසවල. සමහරු ඉන්නේ තට්ටු නිවාසවල. ඒ වාගේ පුද්ගලයින්ට ව්‍යාපාරික නාමයකින් බැංකු ගිණුමක් විවෘත්ත කරගන්න ඕනෑ වූ විට ඒ සඳහා ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න යෑමේදී දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම ප්‍රායෝගික නැහැ. නිවසේ නිදන කාමරයක පරිගණකයක් තියාගෙන අන්තර්ජාලය හරහා සේවා සපයන්නෙක් තමන්ගේ ව්‍යාපාරය පරික්ෂා කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැමිණි විට ව්‍යාපාරික කටයුතු කරන ආකාරය දක්වන්න නිදන කාමරය පෙන්වන්නද?
සමහර රටවල මේ ආකාරයේ අවශ්‍යතාවයන් ඇත්තේ නැහැ. එක්සත් රාජධානියේ (UK) තනි පුද්ගල ව්‍යාපාරයක් ආණ්ඩුවේ ලියාපදිංචි කිරීම සාමාන්‍යයෙන් අවශ්‍ය වන්නේ නැහැ. කෙලින්ම ව්‍යාපාරය කරන්න පුළුවන්. තනි පුද්ගලයෙකු ව්‍යාපාරික නාමයකින් බැංකු ගිණමක් විවෘත්ත කරන්න යෑමේදී බැංකුවලින් සාමාන්‍යයෙන් බලන්නේ ඒ පුද්ගලයාගේ වසරක කිහිපයක පදිංචිය සනාථ කරන්න පුළුවන්ද කියා. හැබැයි සමහර වෙළඳ ව්‍යාපාර කරගෙන යන්න විශේෂ අවසර උවමනා කරනවා. උදාහරණ ලෙස සෞඛ්‍යය, මූලය, මත්පැන් ආදී වෙළඳාම් දක්වන්න පුළුවන්.
ලංකාවෙත් ඒකපුද්ගල සහ හවුල් ව්‍යාපාර ලියාපදිංචිය සරල කළ යුතු යැයි මම හිතනවා. විශේෂයෙන්ම තනි පුද්ගලයෙකුට යම් වෙළඳ ව්‍යාපාරයක් කරගෙන යන්න බාධා කිරීම් පැවතීම සුදුසු නැහැ. එය මූලික අයිතිවාසිකමක් වගේ දෙයක්.
මගේ යෝජනාව නම් තනි පුද්ගලයෙකුට වෙළඳ ව්‍යාපාරයක් කරගෙන යන්න උවමනා නම් හුදෙක් හැඳුනුම්පත ඉදිරිපත් කර අනන්‍ය නමකින් ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න ඉඩ දිය යුතුයි යන්නයි. ලියාපදිංචි ගාස්තුවත් ඉතාම අවම විය යුතුයි. ඉඩම් අයිතිය තහවුරු කිරීම, දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, ග්‍රාමසේවක සහතික කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහතික කිරීම ආදී කිසිවක් අවශ්‍ය නොවිය යුතුයි. ව්‍යාපාරික නාමයෙන් බැංකු ගිණුමක් විවෘත්ත කරගන්න යෑමේදී අවධානම පාලනය කිරීම සඳහා බැංකු විසින් පුද්ගලයාගේ වසර කිහිපයක පදිංචිය තහවුරු කරගෙන ගිණුම විවෘත්ත කරගන්න ඉඩ දිය යුතුයි.
නීතිරීති සීමාවට වඩා තද කළ විට එය ආර්ථික වර්ධනයට බලපාන්නේ සෘණාත්මකව. එබැවින් සමහර නීතිරීති ලිහිල් කිරීම වටිනවා.
මිනිසුන්ගේ දුප්පත්කම අඩු කිරීමටත්, රැකියා අවස්ථා වැඩි කිරීමටත්, මූල්‍ය අන්තර්ග්‍රහණය (financial inclusion) සඳහාත් මේ යෝජනාව ප්‍රයෝජනවත් වේ යැයි මම හිතනවා.
- ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ ඉඩමේ අයිතිය තහවුරු කිරීම සහ වෙන අයෙකුට අයිති නම් අයිති තැනැත්තාගේ කැමැත්ත තහවුරු කිරීම.
- ව්‍යාපාරය පිළිබඳ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම.
- ග්‍රාමසේවක සහතිකය ලබා ගැනීම.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැමිණ සහතික කිරීම.