නඩුවක පාර්ෂවකරුවන්ට විරුද්ධ පාර්ෂවයේ නීතිඥයින් පිළිබඳ විස්තර ලබා ගැනීමට ක්‍රමවේදයක් සැකසීම
Posted: Sat Dec 20, 2025 8:01 am
නඩුවලදී සමහර නීතිඥයින් අධිකරණය නොමඟ යැවීමට බොරු කීමේ සහ නීතීඥවරුන්ට නොගැළපෙන වෙනත් කපටි ක්‍රියාවන්හි නිරත වෙනවා. මෙවන් අවස්ථාවන්හිදී කළ හැකි එක් පසු පිළියමක් වන්නේ නීතිඥවරුන්ගේ නොමනා හැසිරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීම. එසේ පැමිණිලි කිරීමේදී අඩුතරමින් අදාළ නීතිඥාවරුන්ගේ නම් සහ ලිපිනයන් අවශ්‍යයි. නීතිඥ අංක ඇත්නම් තවත් හොඳයි. ඒත් ගැටලුවක් වන්නේ නඩුවක විරුද්ධ පාර්ෂවය නියෝජනය කරන නීතිඥවරුන් පිළිබඳ විස්තර ලබා ගැනීම පහසු නොවීම. මම මෙවන් උත්සාහ ගෙන තිබෙනවා:
තවත් එක් ගැටලුවක් වනුයේ හැබෑවටම නඩුවලට ඉදිරිපත් වනුයේ නීතිඥවරුන්ද යන වග. එබැවින්ද නීතිඥවරුන් ලෙස නඩුවලට ඉදිරිපත් වන අය සැබෑවටම නීතිඥයින් ද සහ ඔවුන්ගේ නීතිඥ භාවය වලංගු ද යන වග පරික්ෂා කර බැලීමටත් යම් ක්‍රමයක් පැවතීම ප්‍රයෝජනවත්.
- නීතිඥ සංගමයෙන් (BAR Association) විස්තර ඉල්ලා සිටීම. මෙය සාර්ථක ක්‍රමයක් නොවෙයි. නීතිඥ සංගමයෙන් දුරකථන අංක ලබා දීමට කැමති වුවත් ලිපින ලබාදීමට කැමති නැහැ. තවද සමහර නීතිඥයින් නීතිඥ සංගමයේ සාමාජිකයින් නොවන බවත් එබැවින් ඔවුන් පිළිබඳ විස්තර නොමැති බවත් නීතිඥ සංගමයේ නිලධාරී තුමියක් මට දැනුම් දුන්නා (මෙහි සත්‍යතාවය නොදනිමි).
- ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විස්තර ඉල්ලා සිටීම. මෙයත් සාර්ථක ක්‍රමයක් නොවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එබඳු විස්තර ලබාදීමක් සිදු නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ කවුළුවෙන් මට දැනුම් දුන්නා. එකම නම ඇති නීතිඥයින් සිටිය හැකි බැවින් නමින් පමණක් නීතිඥයින් සොයා ගැනීම ප්‍රායෝගික වන්නේත් නැහැ.
- විනිසුරුතුමාගෙන් ඉල්ලීම. විරුද්ධ පාර්ෂවයේ නීතිඥයින් අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කොට ඇති බැවින් ඒ පිළිබඳ නීතියෙන් කටයුතු කිරීමට නීතිඥවරුන් පිළිබඳ විස්තර ලබාදෙන මෙන් වරක් මම මහාධිකරණ නඩු විභාගයක් පැවැත්වෙන විට විවෘත්ත අධිකරණයේ දී විනිසුරුතුමාගෙන් ඉල්ලා සිටියා. අවධානය වෙනතකට යොමු වීම නිසා විනිසුරුතුමාට මගේ ඉල්ලීම මඟහැරුණු බවයි මට තේරුණේ.
- කෙලින්ම නීතිඥවරයාගෙන් විස්තර ඉල්ලා සිටීම. වරක් මම මහාධිකරණයේදී නීතිඥවරයෙකුගෙන් ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට කියා ඔහු පිළිබඳ විස්තර ඉල්ලා සිටියා. නීතිඥ සංගමයෙන් විස්තර සොයාගන්නා ලෙස කියා ඔහු මඟ හැරියා.
තවත් එක් ගැටලුවක් වනුයේ හැබෑවටම නඩුවලට ඉදිරිපත් වනුයේ නීතිඥවරුන්ද යන වග. එබැවින්ද නීතිඥවරුන් ලෙස නඩුවලට ඉදිරිපත් වන අය සැබෑවටම නීතිඥයින් ද සහ ඔවුන්ගේ නීතිඥ භාවය වලංගු ද යන වග පරික්ෂා කර බැලීමටත් යම් ක්‍රමයක් පැවතීම ප්‍රයෝජනවත්.